දේශීය පුවත්

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ. මෙම තාපකයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට ඇති පරිදි යම් ලිපි ලේඛන හෝ පත්‍රිකා ප්‍රමාණයක් සෙන්ටිග්‍රේඩ් අංශක 70ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20ක කාලයක් රඳවා තබා ඒවායේ කොරෝනා වෛරසය ඇත්නම් විනාශ කර දැමීමේ හැකියාවෙන් යුක්ත වීම ය.

මෙම තාපකය ඇණවුම්කරුගේ අවශ්‍යතාව පරිදි ඕනෑම ධාරිතාවයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අරුණ සමරවික්‍රම මහතා පවසයි. අද (14) දින මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනයන්හි විෂබීජහරණය සඳහා ඇණවුම් කළ මෙම තාපකය අදාළ නිලධාරීන්ට භාර දීමට සමරවික්‍රම මහතා කටයුතු කළ අතර එය මෙම තාපකය සඳහා ලැබුණු පළමු ඇණවුම බව ද ඔහු සදහන් කළේ ය.

පසුගියදා තමන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී එම අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් පරිත්‍යාග කළ බවත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට මෙම නව නිපැයුම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් එහිදී අමාත්‍යවරයාගෙන් ලැබුණු දිරි ගැන්වීම, මෙතරම් කෙටි කලකින් මෙම තාපකය නිපදවීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බවත් සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එහිදී තමා අමාත්‍යවරයාට පැවසූ පරිදි මෙම තාපකය යොදාගෙන ඡන්ද පත්‍රිකාවන්හි විෂබීජහරණය කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා සරිලන ලෙස මෙම තාපකය නියමිත ධාරිතාවක් අනුව නිර්මාණය කළ හැකි බවත් අරුණ සමරවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේය.

-අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More