දේශීය පුවත්

‘ කොවිඞ් 19’ වසංගත තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක ශී‍්‍ර ලංකාවට ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව යමින් කටයුතු කළහොත් මෙරටින් මෙම වසංගතය සඳහටම තුරන් කළ හැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (14දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ දක්වා ජනතාව වෙනුවෙන් පනවා තිබු සීමා ක‍්‍රම ක‍්‍රමයෙන් ලිහිල් කරමින් තිබෙන අවස්ථාවක මහජනයා දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔවුන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කි‍‍්‍රයාත්මක නොකළහොත් මෙතෙක් කාලයක් මහත් කැපවීමෙන් රටට ලබාදුන් ජයග‍‍්‍රහණ ගිලිහී යෑමට හැකි බවත් හමුදාපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම දැනට ආසාදිතයන් වාර්තා වන්නේ විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් පමණක් බවත් සඳහන් කළ ඒ මහතා ජනාධිපතිතුමා ප‍‍්‍රමුඛ රජය සහ සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළේ අදාළ තත්ත්වය පාලනයක් යටතේම පවත්වා ගැනීමට බව ද සඳහන් කළේය.

‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය හමුවේ සාර්ථක ගමනක යෙදෙන ශී‍්‍ර ලංකාවට ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින් සමස්ත ජනතාව ඒ පිළිබඳව ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More