පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාම්රගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා පවසයි.
මුහුද මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශ්වයන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට (15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය.
මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශ්වයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබද සොයා බැලීමට ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම තීරණය දැනුම් දුන්නනේය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...