ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-පාකිස්තාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20දා) රංගිරි දඹුලු පිටියේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 69ක ජයක් ලැබූ පාකිස්තාන කාන්තාවෝ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වූහ.

එහිදී පාකිස්තාන කාන්තාවන් ලබාගත් ලකුණු 250ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියන් දෙපොළ වූ හෂිනි පෙරේරා හා නිපුනි හංසිකා ලකුණු 251ක අපහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියද කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර හෂිනි පෙරේරා දැවී යෑම හේතුවෙන් ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අපහසුතාවට පත්විය.

ඉන් අනතුරුව හංසිකාට එකතු වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් එක්කරමින් යම් ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගියද හංසිකා ලකුණු 18කටත්, චමරි අතපත්තු ලකුණු 46කට දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටිණි.

කණ්ඩායම වැටී සිටි තත්ත්වයෙන් ගොඩගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ මොහොතක එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් තරගයේ තීරණය වෙනස් කිරීමට ශෂිකලා සිරිවර්ධන උත්සාහ කළද එයද ව්‍යර්ථ වූයේ ඇයට සහායක් දැක්වීමට කිසිවකු ඉදිරිපත් නොවූ බැවිනි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමු ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වූ නහිදා ඛාන් හා මුනීබා අලී පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 19ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට වීරක්කොඩි හා කෞෂල්‍යයා සමත් වුවද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් එක් කිරීමට බිෂ්මා මහරූෆ් හා ජාවේරියා ඛාන් සමත්විය.

පාකිස්තානයේ කඩුලු 4ක් ලකුණු 72කට දැවී ගොස් තිබියදී ජාවේරියා සමඟ එක්වුණු නීදා දාර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය වටපිටාව සැකසීය.

කෙසේ වෙතත් ලකුණු 190කට කඩුලු 6ක් දැවී ගොස් තිබියදී ජාවේරියාට එක්වූ නතාලියා පර්වෙයිස් හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 60ක සබඳතාවක් එක්කරමින් පාකිස්තානු ඉනිම ලකුණු 250 සීමාව වෙත රැගෙන ගියේය.
එහිදී ජාවේරියා ඛාන් පන්දු 142කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩාමට අපහසු ලකුණු ඉලක්කයක් ලබා දීමට ප්‍රධාන වශයෙන් දායකත්වය සැපයූ පාකිස්තානු පිතිකාරිනිය බවට පත්වූවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More