දේශීය පුවත්

රටේ සුරාසල් විවෘත කිරීමට රජය ගත් ක‍්‍රියා මාර්ග ඉතා අණුවන ක‍්‍රියාවක් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී සෝභිත හිමියෝ මෙසේද සඳහන් කළේ ය.

“මේ රටේ සුරාසැල් බලපත‍්‍ර හිමි වැඩි දෙනා දේශපාලඥයන්. හිටපු ඇමැතිවරු. හිටපු මන්ත‍්‍රිවරු මෙන්ම ඔවුන්ගේ බිරින්දැවරු ඥාතිවරුයි. එහෙම නම් කාගේ උවමනාවටද මේ සුරාසැල් විවෘත කරන්නේ.

මහජන සංවිධාන වලින් ඉල්ලීමක් කළාද. මහජන සංවිදාන විරෝධතා දැක්වූවාද සුරාසැල් විවෘත කරන්න කියලා නැහැ .

ජනතාව ඉල්ලන්නේ හාල්ටික පොල් ටික ඇතුළු ආහාර ටිකයි බෙහෙත් ටිකයි. ප‍්‍රවාහන වගේ මූලික අවශ්‍යතා පමණයි. සුරාසැල් ජනතාව ඉල්ලූවේ නැහැ. ජනාධිපති තුමන් සෞඛ්‍ය අංශයේ මෙන්ම තිවිධ හමුදා නිලධාරීන් පොලිසිය ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය කිරීමට එය පාලනයට ගත් ක‍්‍රියා මාර්ග ඉතා අගය කළ යුතුයි.

රජයේ සියළු නිලධාරීන් මහත් කැපැවීමක් ඒ සදහා ඉටු කළා. එය අතිශය සාර්ථකයි.

නමුත් එම සාර්ථකත්වය නැමැති කිරි කලය විෂ බදුනක් බවට පත් කරන අසුභ දර්ශන අපි දුටුවා සුරා සැල් විවෘත කිරීම තුළින්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සෞඛ්‍ය නීති දැඩි ලෙස ආරක්‍ෂා කරන ලෙස ප‍්‍රකාශ පවා නිකුත් කර තිබෙන මොහොතක බීමත් වූවාට පසුව එම නීති ආරක්‍ෂා කළ හැකිදැයි අපි බලධාරින්ගෙන් ප‍්‍රශ්න කර සිටිනවා.

රටේ මත්පැන් පාවිචිචි කළ අයට මුඛ ආවරණ දමාගෙන මීටරයේ පරතරය තබාගෙන කොරෝනා ආසාදිතයෙකු නොවී තවත් අයෙකුට එම විෂබීජය පැතිරවීමට නොදී සිහි බුද්ධියෙන් සිටිය හැකිද ? අපට තිබෙන ප‍්‍රශ්නය එයයි.”

විදෙස් රටවල මේ වනවිට දෙවැනි කොරෝනා රැල්ලත් පටන් අරගෙන තිබෙනවා. එවනි අවස්ථාවක අපේ රටේ කොරෝනා දෙවැනි රැල්ල අනිවාර්යයෙන් පටන් ගන්නවා රජයේ මේ අනුවන ක‍්‍රියාව හේතුවෙන්.

මේ අවස්ථාවේ අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. රජය කියන්නේ ජනතාවට ආදරය කරන ආයතනයක් කියන එකයි පිළිගැනීම වන්නේ. එයයි බෞද්ධ සිද්ධාන්තය. රජය රටේ ජනතාව සැලකිය හැක්කේ තමන්ගේ දරුවෝ ලෙසයි. ජනතාවට රජය මාපියන් වගෙයි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More