ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා අද උදෑසන වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී සිය අක්ත පත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදී.
2. මහ කොමසාරිස්තුමා නව්‍යාකාරයකින් අද දින මෙම සාම්ප්‍රදායික උත්සවය සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තූති කළ අතර ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් මතු කර ඇති අභියෝග ජය ගැනීමට තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත්කම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ නායකත්වයද අවධාරණය කරන බව ප්‍රකාශ කළේය.
අද දින ගත් මෙම නව්‍ය ප්‍රවේශය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා සඳහා ලබා දෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව දක්වන කැපවීමද පෙන්නුම් කෙරෙන බව එතුමා සඳහන් කළේය.
3. මහ කොමසාරිස්තුමා ඉන්දීය නායකත්වයේ සහ ජනතාවගේ උණුසුම් සුභාසිංශන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙත පළ කර සිටියේය.
ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතා වලට ඉන්දියාව ලබාදෙන සුවිශේෂී වැදගත්කම පිළිබඳව සඳහන් කරමින් මහ කොමසාරිස්තුමා දෙරට අතර පවත්නා සමීප මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දියාවේ ඉහළම තලයන්හි දැඩි කැපවීම අවධාරණය කළේය.
මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පොදු බෞද්ධ උරුමය පිළිබඳව සඳහන් කළ අතර මෙම සතිය මුලදී එතුමා අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියන්ට සහ මල්වතු පාර්ශවයේ අනු නා හිමියන්ට වීඩියෝ ඇමතුම් ලබා දුන් බවද බුදුන් වහන්සේට සිය නමස්කාරය පුද කරමින් දෙරටෙහි ජනතාවට සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කළ බවද පැවසීය.
4.ස්වභාවික ව්‍යසන හෝ දැනට මුහුණ දී ඇති කොව්ඩ් වසංගතය හෝ ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම අසීරු අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන ඉන්දියාව සෑමවිටම ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යය වී ඇති බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.
ඉන්දීය ජනතාව විසින් ලබා දෙන සහයෝගයක් වශයෙන් පසුගිය සති කිහිපය තුළ ඉන්දියාව ටොන් 25කට අධික ජීවිත සුරකින අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය අයිතම තොග හතරක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බව මහ කොමසාරිස්තුමා සඳහන් කළේය.
මෙයට අමතරව, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය ආයතන විසින් කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද විවිධ ඔන්ලයින් පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකික සෞඛ්‍ය වෘත්තිකයන්ද සහභාගී වූ බව එතුමා පැවසීය.
කොවිඩ්-19 වසංගතයට එක්ව මුහුණ දීමට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා දක්වන කැපවීම අවධාරණය කළ මහ කොමසාරිස්තුමා ආර්ථික පුනර්ජීවනයට සහ හැකි සෑම අයුරකින්ම ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික විය.
5. අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සිය දෙවන ධුර කාලයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කළ පළමු විදේශ සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත වූ බව මහ කොමසාරිස්තුමා සිහිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පළමු නිල විදේශ සංචාරය වශයෙන් 2019 නොවැම්බර් මාසයේ සිදුකළ ඉන්දීය සංචාරය ද්විපාර්ශවික සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වූ බව එතුමා පැවසීය.
එසේම, අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ සංචාරය වශයෙන් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020 පෙබරවාරි මස සිදු කළ ඉන්දීය සංචාරය දෙරටෙහිම සෞභාග්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීය.
එම අවබෝධතා තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දකුණු ආසියාව හා ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන ශ්‍රී ලංකාව සමඟ තිබෙන දිගුකාලීන සහයෝගීතාවය ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟින් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.
6. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත්වීමට පෙර ගෝපාල් බාග්ලේ මැතිතුමා 2017 වසරේ සිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒකාබද්ධ ලේකම් වශයෙන් කටයුතු කළේය. එයට පෙර එතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක, ඒකාබද්ධ ලේකම් (බාහිර ප්‍රචාරක අංශය), ඒකාබද්ධ ලේකම් (පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය) සහ 2014 සිට 2017 දක්වා ඒකාබද්ධ ලේකම් (රාජ්‍ය) වශයෙන් කටයුතු කර ඇත.
ගෝපාල් බාග්ලේ මැතිතුමා පාකිස්ථානයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්තුමා (2011-2014) ලෙසද කත්මණ්ඩු, ලන්ඩන්, රුසියාවේ සහ යුක්රේනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයන්හිද සේවය කර ඇත. විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඇති ගෝපාල් බාග්ලේ මැතිතුමා හට හින්දි, උර්දු, ඉංග්‍රීසි සහ රුසියානු භාෂා කතා කළ හැකි අතර එතුමා සංස්කෘත, යුක්රේන සහ නේපාල භාෂාද හදාරා ඇත. එතුමා මේ වන විට සිය නිල නිවසේදී නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...