දේශීය පුවත්

තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥයින් විසින් අභියාචනාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් පිළිබඳව අසත්‍ය කරුණු ඇතුලත් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කරනු ලැබුවා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් මස 30 වෙනිදා ඇප මත මුදා හරිනු ලැබුවා.

එලෙස ඔහුට ඇප ලබාදීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම පෙත්සම විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් ඊයේ දිනයේදී තීන්දු කර සිටියේ හිටපු අමාත්‍යවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමේදී දෝෂ සිදුව ඇති බැවින් එම ඇපය අවලංගු කරන බවයි.

ඒ අනුව ඉදිරි නීති ක්‍රියා මාර්ග ගැනීමට එම නඩුව යලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතට යොමු කිරීමටද කොළඹ මහාධිකරණය ඊයේ පියවර ගනු ලැබුවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් නියෝගයක් අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More