අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ බැටන් එක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදී ඇති බවත් බැටන් එක නිවැරදි ආකාරයෙන් රැගෙන ධාවනයේ යෙදෙමින් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ ඉතිරිකොටස පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතේ බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ ජේෂඨ නියෝජිතයෙකු Lanka Leadnews වෙත ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාගේම සහයෝගයෙන් මෙම විශ්වාසභංග යෝජනාව අද (21) දින කථානායක කරු ජයසුරිය මහතාට බාරදීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මැති ඇමතිවරුන් මීට සහය ලබාදීමට සුදානම් බවත් එය රඳාපවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය මත නිසා ඒ සඳහා සහය දැක්වීම ජනාධිපතිතුමාගේ වගකීමක් බවද ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ කුඩාදේශපාලන පක්ෂවල නියෝජිතයින් පිරිසක්ද මෙම විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට නියමිත නිසා එම සහයෝගය ලබාගතහැක්කේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවැරදි සථාවරයේ සිටියොත් පමණක් බවද එම ජේෂ්ඨ නියෝජිතයා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ වගකීම මේ වන විට ඉටුකර තිබෙන අතර ඉතිරිව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ වගකීම බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...