පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අල්ලස් සහ දූෂණ කොමිසමට සිදුකළ පැමිණිිලි හරිහැටි ක‍්‍රියාත්මක නොවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරැුඹීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
මේ අනුව මෙම පරීක්‍ෂණ කටයුතු හිතාමතාම යටපත් කළ නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව ද පොලිසිය කියයි.
මීට අමතරව පසුගිය ආණ්ඩුව සමයේ ඇතැම් ඇමැතිවරුන්ගේ විවිධ අක‍්‍රමිකතාවලට එරෙහිව ලැබුණු පැමිණිලි අනුව පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්‍ෂණ කිසියම් හේතුවක් මත යටපත් වී ඇත්නම් ඒ පිළිබඳව ඒ ඒ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස ද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...