දේශීය පුවත්

”අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හඬ න`ගන විපක්‍ෂය ගැන රටේ ජනතාව හොඳාකාරව වටහාගෙන සිටිනවා.

”ඡන්දයක් තියන්න ක‍්‍රමවේද ඕනෑතරම් තියෙනවා. අද මාධ්‍ය හරිම ප‍්‍රබලයි. ඡන්දයක් වෙනුවෙන් අපේක්‍ෂකයින්ට මාධ්‍ය තුළින් ඕනෑතරම් ප‍්‍රසිද්ධියක් ගන්න පුළුවන්. වෙනදා තාප්පවල පෝස්ටර්, ඡායාරූප අලවා ප‍්‍රසිද්ධිය ලබා ගන්නා උදවියට ඕනෑනම් විකල්ප ක‍්‍රම මගින් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමටත් පහසුකම් සලසා දීමටත් අපට ක‍්‍රියා කරන්න පුළුවන්.’’

”ගෙයින් ගෙට ගොස් ඡන්ද ප‍්‍රචාරක වැඩකටයුතු කිරීමට දෙතුන් දෙනෙක් සීමාකරගෙන ඔය අපේක්ෂකයින්ට ඕනෑනම් යන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ප‍්‍රචාරක රැුස්වීම් සෞඛ්‍ය උපදෙස් මත කරගන්නත් පුළුවන්. ඡන්දය දැමීමට යන අවස්ථාවේදීත් ආරක්‍ෂක තත්ත්වය අනුව ඡන්ද දායකයින්ට ක‍්‍රියා කිරීමට ඕනෑතරම් ක‍්‍රමවේද ගන්න පුළුවන්. ඡන්දය පවත්වන්නේ කොහොමද කියලා ආණ්ඩුව සමග කතාබහ නොකර, සහයක් නොදී ‘ඡන්දය එපා’ කියමින් ඡුන්දය කල්දාගන්න මේ උදවිය මේ හැටි දඟලන්නේ මෙයාලා ඡන්දයට මුහුණ දෙන්න බය නිසයි. මේ උදවිය මේ තුළින් විශාල ප‍්‍රසිද්ධියක් ලබාගන්න හදනවා” යැයි අගමැතිවරයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More