දේශීය පුවත්

විවෘත කළ රට තවදුරටත් සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.
රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව බව ජනතාව වටහා ගෙන කටයුතු කළහොත් පවතින තත්ත්වයෙන් ද තවත් ඉදිරියට යා හැකි යැයි ද ඒ මහතා කීවේය.

ලෝකයේ නොයෙක් රටවල මෙම රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ජනතාව අවධානයෙන් සිට අවදානමක් නොගැනීමට කටයුතු කළ යුතු බවත් සොයිසා මහතා පැවසීය.

මෙම රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට දිනකට පරීක්ෂණ 1100ක් පමණ සිදු කරන බවත් තම සංගමයේ මතය නම් එම ප‍්‍රමාණය 2000-3000 අතර සිදු කළ යුතුය යන්න බවත් හෙතෙම කීය. විශේෂයෙන් ජනතාව විසින් පසුගිය මාර්තු 11 වැනිදා තිබූ රට නොවන අලූත් රටක් ලෙස සිතා සෞඛ්‍ය උපදෙස් මත හැඩගැසීම අනිවාර්යයයෙන් සිදුකළ යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More