පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකුගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යති.
මේ අනුව ඉදිරි දින කීපය ඇතුළත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පොලිසිය කියයි.
ගිය වසරේ ‘පාස්කු ඉරිදා’ සිදුකළ බෝම්බ ප‍්‍රහාර පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර මෙම පරීක්‍ෂණ අනුව ලැබෙන තොරතුරු ඔස්සේ සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...