දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමක් සිදුකළහොත් වත්මන් ආණ්ඩුවට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ විජේරාම මාවතේ නිවසේ දී.

මේ අතර සුමන්තිරන් මහතාගේ රුව සහිත ඡායාරූපයක් යොදාගනිමින් යාපනය නල්ලූර් කෝවිල අසල සවි කර තිබූ අනුරුවක් අද යාපනය පොලිසිය විසින් ඉවත් කෙරුණි.

එහි ”මම දෙමළ ජාතියේ ද්‍රෝහියා” යනුවෙන් පුවරුවක් ද සවි කර තිබූ අතර මීට සම්බන්ධ පිරිස සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More