ප‍්‍රධාන පුවත්

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ

නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ.

මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ.

මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වෙති.

කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ මඟී බස් ප්‍රවාහන සේවා නවතා දැමීමට නගර බලධාරීහු පියවර ගත්හ. නගරයෙන් පිටතට යා හැක්කේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණි.

ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘‘දැඩි ස්වයං-නිරෝධායන’’ සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන ඇත.

නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් ඖෂධහල් විවෘත කර තබන්නැයි ද උණට ලබාදෙන බෙහෙත් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන්නැයි ද නගර පරිපාලනය ඖෂධහල්වලට දැනුම් දී ඇත.

ජිලින් නගරයෙන් කොරෝනා ආසාදිත පොකුර හමු වී ඇත්තේ පසුගිය ඉරිදා (10) ය. ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හමු වූ බවත් තවදුරටත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවත් ජිලින් හි උප නගරාධිපතිවරයා පැවැසීය.

ඊයේ (13) දිනයේදී නගරයෙන් තවත් ආසාදිතයන් 6 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 21කි. නගරයේ රෙදි සෝදන මධ්‍යස්ථානයක සේවකයකුගෙන් ඔවුන් සියලු දෙනාටම වයිරසය ආසාදනය වී ඇත.

මේ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ බව සැක කෙරෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය දින කිහිපයේදී ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ සියලු දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ. නගරයේ ජනගහනය ලක්ෂ 110කි.

ඒ.එෆ්.පී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More