දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද(13) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හුමුවේ ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද රාජිත සේනාරත්න මහතා එම පොලිසියේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඉන් අනතුරුව සැකකරු රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද පෙරවරුවේ අවලංගු කරන ලදී.

ඉන් අනතුරුව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබුණි.

ඉන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා අද සවස සිය නීතිඥවරුන් මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය කටයුතු කළේය.

———————————————————————————————————————————-

රාජිත CID අත්අඩංගුවට (Video)

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

———————————————————————————————————————————–

රාජිත සේනාරත්න CIDයට භාර වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර භාර වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More