රජය විසින් යෝජිත, පාසල් සිසුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
එමෙන්ම, covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100 ක් හඳුනා ගනිමින් එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3ක මූල්‍යාධාර ලබාදීමට ද මේ යටතේ එකඟතාවය පළ කර ඇත.
මීට අමතරව, දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව රජය විසින් යෝජිත වැඩපිළිවෙළ අනුව, සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙළ කර ගැනීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර, ඒ සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ-WFP (World Food Programme) ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Brenda Barton මහත්මිය ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද (13) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී මෙම එකඟතාවන්ට එළඹිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...