දේශීය පුවත්

‘ලොක් ඩවුන්’ කාලයේ දී ‘කොවිඞ් -19’ රෝගීන් දස ගුණයකින් වැඩි වූ බව පා.ච. රණවක මහතා පවසන්නේ ඔහු තුන්වන පන්තියේ ගණිතය නොදන්නා නිසාද.. එසේත් නොමැති නම් තමන්ගේ ඇති තක්කඩිකම නිසා ද යන්න ගැටළු සහගත බව උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා එම අදහස් පළ කළේ ඊයේ (12)පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

පචයට උපන් රණවක ‘ගණිතඥයා’ ලොක් ඩවුන් කාල සීමාවේ දස ගුණයකට වඩා රෝගීන් වැඩි වුණු ලොව එකම රට ලංකාවයි කියා අමුතු ගණන් හැදීමක් කළා. යම් රටක් ‘ලොක් ඩවුන්’ කිරීමකට යන්නේ රෝගය පැතිරීමේ අවදානම දුටුවාට පස්සේ. ඒ නිසා අනිවාර්යෙන්ම කීප ගුණයකින් ‘ලොක් ඩවුන්’ කාල සීමාවේදී රෝගීන් වැඩි වීම ලෝකය පුරාම දකින්න ලැබුණු ප‍්‍රවණතාවයක්.

‘ලොක් ඩවුන්’ කර තිබිය දී දස ගුණයකට වඩා රෝගීන් වැඩි වූ ලොව එකම රට ලංකාවයි කියන එක පචයක් වෙන්නේ කොහොමද කියා මා කියන්නම්.

අපේ එකම අසල්වැසියා, ඉන්දියාව ලොක් ඩවුන් කළේ මාර්තු 24 දා. ඒ වන විට ‘කොවිඞ් 19’ රෝගීන් ගණන 499යි. දැන් 70,780යි. වර්ධන වේගය 142ක ගුණයක්. ආසියාවේ ආදර්ශය, සිංගප්පූරුව අපේ‍්‍රල් 3 දා ලොක් ඩවුන් කරන විට රෝගීන් ගණන 1144යි. දැන් රෝගීන් ගණන 23,822යි. ඒ කියන්නේ රෝගීන් ගණන 21ක් ගුණයකින් වර්ධනය වෙලා.

හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතය හොඳින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රට, රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30 දා රෝගින් හිටියේ 1,462යි. දැන් ඒක 221,344 වෙලා කියන්නේ 151ක් ගුණයකින් රෝගීන් වැඩි වෙලා කියන එකයි. මම නිදසුනට ගත්තේ රටවල් තුනක් විතරයි. ඒවායේ ලොක් ඩවුන් කාලයේ දී රෝගීන් වැඩි වෙලා තිබෙන්නේ දස ගුණයකට වඩා වැඩි වේගයකින්. ඒ කියන්නේ 21 ගුණයකින්, 142ක් ගුණයකින් සහ 151ක් ගුණයකින්.

තුන්වැනි පන්තිය සමත් සරල බෙදීම දන්නා ඕනෑ කෙනකුට මේ ඉලක්කම හදා ගන්න පුළුවන්. පා.ච. රණවක මැතිතුමන්ගේ ඉලක්කම් වැරදීමෙන් පෙනී යන්නේ එක්කෝ එතුමන් තමන්ගේ තක්කඩිකමට සුපුරුදු පරිදි පචයක් කිව්වා, නැතිනම් තුනේ පන්තියේ

ගණිතයවත් එතුමා දන්නේ නෑ කියන එකයි. එතුමා අයිති ඒ දෙකෙන් කුමන කාණ්ඩයට ද කියන එක ඊළඟ මාධ්‍ය හමුවේ දී රටට කියාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

‘කොවිඞ් 19’ පාලනයේ දී ශ‍්‍රී ලංකාව විශිෂ්ට වෙන්නේ මෙහෙමයි.

සංඛ්‍යා ලේඛන විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස අපි ‘කොවිඞ් 19’ සංඛ්‍යා ලේඛන විග‍්‍රහ කරලා දෙමු. යම් රටක් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණ්ඩුවට සවන් දීම කෙතරම් දුරට සිදු වෙනවා ද කියන එකයි. ඒක බලන්නේ ජනගහනයෙන් මිලියනයකට සිටින රෝගීන්

ගණනින්. ඒක ලෝකයේ මිලියනයකට රෝගීන් 546යි. නමුත් ඒක ලංකාවේ 40යි. ලංකාවේ 40ක් වන විට කටාර්වල 8,199ක් බවත් අමතක කරන්න එපා.

රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන්. ලෝකයේ මරණ අනුපාතය 7%යි. ලංකාවේ 1%යි. මරණ අනුපාතය ලොව අඩුම රටවල් කිහිපය අතරේ ලංකාව ඉන්නවා. සුවවූ අනුපාතය ලෝකයේ 36%යි. ලංකාවේ 39%යි. ඒ නිසා තමයි ජාත්‍යන්තර දර්ශක සකසන අය වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව ‘කොවිඞ් 19’ මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් කියන්නේ. එය දරාගන්න බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් පච කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලූ කිරීමට උත්සාහයක නියැළීය ඉන්නවා.

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත. පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න කියලා රජය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගනවා. මේ ණය ලබා දීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසා දැමීමට ලක්ව රැුකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී තිබෙනවා. සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලී වෙන්න කියා අපි බැංකුවලින් ඉල්ලනවා.

මෙම මාධ්‍ය හමුවට හිටපු පළාත් සභා මන්තී‍්‍ර යසපාල කෝරලගේ මහතා සහ පිවිතුරු හෙළ උරුමායේ ලේකම් උපුල් විජේසේකර මහතා ද එක් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More