සහල් මිල පාලනය කිරීම සඳහා අපේ‍්‍රල් 20 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය හේතුවෙන් වී ගොවියාගේ මෙන්ම කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ සහල් මෝල් හිමියන්ගේ ද ගෙල සිරකරන තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
අදාළ ගැසට් නිවේදනය මගින් කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 85ක පාලන මිලක් පැනවීම නිසා මෙම අර්බුදකාරී තත්වයක් ඇති වූ බව පැවසු ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ කැකුළු සහල් සඳහා රුපියල් 95ක් ද නාඩු සහල් සඳහා රුපියල් 100ක් ද කීරි සම්බා සඳහා රුපියල් 115ක් ද වන ලෙස පාලන මිල වෙනස් විය යුතු බවට ගොවීයන් මෙන්ම කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ මෝල් හිමියන් ද ඉල්ලා සිටින බවයි.
අපේ‍්‍රල් 28 වැනිදා ගැසට් නිවේදනය මගින් සහල් සඳහා සහතික මිලක් පැනවීම නිසා කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ මෝල් හිමියන්ට රුපියල් 50ක සහතික මිල යටතේ වී මිලදී ගත නොහැකි තත්වයක් උදාවී ඇති නිසා මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ අධිකාරියක් ඇති වී ඇති බවත් ඔවුන් විසින් රුපියල් 50ට අඩුවෙන් වී මිල දී ගන්නා තත්වයක් ඇති වී ඇති බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ගොවි මහතුන්ට තමන්ගේ වී කිලෝ එකක් රුපියල් 50කටවත් අලෙවි කර ගත නොහැකි නිසා ඔවුන් මීළ`ග කන්නයේ දී වී වගාවෙන් ඇත්වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කුඩා සහ මධ්‍ය ප‍්‍රමාණයේ වී මෝල් 2000ක් පමණ වැසීයෑමේ අනතුරක් ඇති වී තිබෙනවා. අනෙක් අතට සහල් සඳහා පාලන මිලක් පැනවීමෙන් එක් පාරිභෝගිකයකුට රුපියලකවත් වාසියක් අත්වන්නේ නැහැ. මෙම පසුබිම යටතේ සහල් සඳහා පාලන මිලක් පනවන අතර පාම්පිටි සඳහා රුපියල් 28ක බදු නිදහසක් ලබා දීම නිලධාරීන්ගේ කුමන්තුණයක් ද යන්න පිළිබදව සැකසිතෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...