නිල වාහනය, ඉන්ධන දීමනාව ඇතුළු වරප‍්‍රසාද ලබා ගන්නා රජයේ අමාත්‍යාංශ රැසක දහතුන් දහසක පමණ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ වාහනය නිවසට ගෙන්වා ගෙන රාජකාරියට වාර්තා කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙම ඇතැම් නිලධාරීන් අතර රජයෙන් ලබා දෙන තීරුබදු රහිත වාහන ලබා ගත් අය ද සිටින බවත් එම නිලධාරියා කීවේය. බොහෝ නිලධාරීන් තමන්ගේ වාහනය භාවිතා කරමින් වාහන කුළිය ලෙස රුපියල් පනස්දහසක්, ඉන්ධන දීමනාව ලෙස රුපියල් විසිඅට දහසක් වැනි මුදලක් ලබා ගෙන සේවයට වාර්තා කරන බවත් එම නිලධාරියා කීවේය.
එහෙත් ඇඳිරිනීතිය ක‍්‍රියාත්මකව පවතින කාලයේදී බොහෝ නිලධාරීන් අමාත්‍යාංශ වාහනය නිවසට ගෙන්වා ගෙන රාජකාරියට වාර්තා කර ඇති නිසා ඔවුන් එම කාලයට අදාළ දීමනාව ලබා නොගැනීමට මානුෂික විය යුතු බවත් එම නිලධාරියා කීවේය.
ඔවුන් එසේ මානුෂික වන්නේ නම් රජයට විශාල මුදලක් ඉතිරි කර දිය හැකි යැයි ද එම නිලධාරියා පැවසීය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් විමසීමට උත්සාහ කළත් ඔහු ඊයේ (12 දා) වන තෙක් නිල වශයෙන් අමාත්‍යාංශයේ වැඩ භාර ගෙන නොතිබීම නිසා එය ව්‍යාර්ථ විය.
Divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...