දේශීය පුවත්

කොරෝනා වසංගතය නිසා වහපු රට නැවත විවෘත කිරීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ මහ වියවුලක් ඇති කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12 වැනිදා) නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මෙසේද පැවැසීය.

‘‘ඇමෙරිකාව සහ එංගලන්තය වැනි රටවල් වසා තැබීමෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් වැඩිවූවා.

අපිට මෙම අර්බුදයට මුහුණ දෙමින් ඉදිරි අවුරුද්දක, එකහමාරක කාලයක් ගත කිරීමට තිබෙනවා. රටේ ආර්ථිකය මෙන්ම ව්‍යාපාර කඩා වැටීමට ලක්වීමට ඉඩ නොදී ජනධිපති සහ අගමැති එක්ව මෙම ක්‍රියාදාමයට අත ගසා තිබෙනවා. එයට අප සහය ලබාදිය යුතුයි.

සෞඛ්‍ය අංශ සහ අනෙකුත් අංශවල අදහස්වලට අනුකූලව සහය ලබාදෙමින් අප ක්‍රියාත්මක විය යුතුයි.

මිනී මතින් දේශපාලනය කිරීමේ වුවමනාවක් විපක්ෂයට තිබෙනවා. එය පාඨලී චම්පිකගේ කතාවෙන් පැහැදිලි වෙනවා.

පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අප ආරම්භ කළා. මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් දෙමළ ජාතික සංවිධානයට සියයට සීයක් පක්ෂව වැඩකරන ක්‍රියාවලියක් සිදුකරගෙන යනවා. යාපනය ප්‍රදේශයේ පවත්වන පුවත්පත් සාකච්ඡාවලදී ඔහු පවසන පරිදි පෙනී යන්නේ රජය පිළිනොගන්නා තැනකට ජනතාව තල්ලු කරමින් කටයුතු කරන බවකුයි. එය බෙදුම්වාදය දක්වා වර්ධනය කිරීමේ කටයුත්තක ඔහු නිරත වී සිටිනවා.

ඔහුගේ මැදිහත්වීමෙන් යාපනයේ වෙනම ඡන්ද නීතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතිනවා.

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන් ස්වාධීන විය යුතු යැයි යන මතයේ අප සිටිනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More