දේශීය පුවත්

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යැවීම තුළින් ලබා දුන් සහය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය.

අද(12) වෙනි අඟහරුවාදා විදේශ අමාත්‍යංශයේ දී කියුබානු තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්‍රිගුස් මැතිනිය සමඟ පැවති සාකච්ඡාවක දී විදේශ අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන 100 කට අධික සේවානියුක්තිකයින්ට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද හදිසි ඉල්ලීම මත, පස් දෙනෙකුගෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම කියුබානු බලධාරීන් විසින් පිටත් කර හරින ලදී.

මැයි 7 වැනි දින හයිටිය වෙත පැමිණි මෙම වෛද්‍ය කණ්ඩායම, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශිෂ්ට පරිචයන් පිළිබඳව ශ්‍රී ලාංකික සේවකයින්ට උපදෙස් ලබා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ගුණවර්ධන මහතා යළිත් වරක් කොළඹ සිටින කියුබානු තානාපතිවරිය මාර්ගයෙන් කියුබාවේ විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගුස් පරිල්ලා මැතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කළේය.

කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ කියුබාව විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග, මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා කියුබානු රජයෙන් රෝග විනිශ්චය වෛද්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලා ඇති ආධාර මෙන්ම, දෙරට අතර ආර්ථික සහයෝගීතාව සඳහා වන අනාගත උපාය මාර්ග පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

රට තුළ පවතින ඵලදායී සෞඛ්‍ය පද්ධතිය භාවිතා කරමින්, කාලෝචිත හා මධ්‍යගත ක්‍රියාමාර්ග තුළින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමේ පියවර පිළිබඳව තානාපති රොඩ්‍රිගුස් මැතිනිය ශ්‍රී ලංකා රජය වෙත සිය ප්‍රශංසාව පළ කළාය.

කියුබාවේ සහ කැරිබියානු කලාපයේ පවතින තත්ත්වයන්, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ක්‍රියාකාරකම් මෙන්ම, කියුබාව සහ යුරෝපීය හා ආසියානු කලාප අතර සම්බන්ධතාවය පිළිබඳව ද කියුබානු තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා යාවත්කාලීන කළාය.

අදාළ කරුණු සම්බන්ධයෙන්, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවත්නා සහයෝගීතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More