දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ.

කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය කිසිවිටක අනුමත නොකරන බවට සිදුකළ ප්‍රකාශයක් මත මෙම ලිපිය යවා ඇති චාල්ස් නිර්මලනාදන් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීම සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසටද බලකර ඇත.

සිංහල සමාජ මාධ්‍ය නාලිකාවක් සමගින් පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටක අනුමත නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදුකර තිබුණි.

මේ සම්බන්දයෙන් දෙමළ දේශපාලන ධාරාවෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේම නායකයින් හා නියෝජිතයින් අප්‍රසාදය පලකරති.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට අදහස් දක්වමින් කියා සිටියේ අවිහිංසාවාදී අරගලයකින් පසු ආයුධ සන්නද්ධ අරගලයකට උතුරේ දෙමළ තරුණ කණ්ඩායම් ඇද දැමුවේ දකුණේ පාලනය බවය.

දෙමළ ජනතාවගේ විමුක්තිය හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් එම අරගලය පිළිබද නිසි අවබෝධයකින් තොරව සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇති බවය.

දේශපාලන පක්ෂ කිහිපයක නියෝජනයක් වන දෙමළ ජාතික සන්ධානයේ නාමය භාවිතා කරමින් මේ ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීමට මින් ඉදිරියට කිසිදු ඉඩක් නොතැබීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වය කටයුතු කළයුතු යැයිද සිද්ධාර්ථන් මහතා කීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්මම් අඩෙයිකලනාදන් මහතා ද ලංකාදීපයට අදහස් දක්වමින් සදහන් කළේ කොටි සංවිධානයේ ආයුද සන්දන්ධ අරගලය සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා සිදුකළ ප්‍රකාශයට දැඩි අප්‍රසාදය පලකර සිටින බවයි.

එම සංවිධානයේ අරගලය ගැන එවන් ප්‍රකාශයක් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

කෙසේ වෙතත් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයට අමතරව උතුරේ දේශපාලන හා සමාජ බලවේග වලින් ද දැඩි චෝදනා හා අප්‍රසාදය මතුවෙමින් පවතී.

චමුදිත සමරවික‍්‍රම සමග සුමන්දිරන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් –



One thought on “සුමන්තිරන්ගේ එල්.ටී.ටී.ඊ විරෝධී ප්‍රකාශයෙන් දෙමළ ජාතික සන්ධානය දෙදරයි (Video)”

  1. දෙමළ සංධානය දෙකඩ කරනවා කියමින් ජතික සංවිධාන සුමන්තිරන්ට සුදු හුණු ගාන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More