දේශීය පුවත්

මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

මෙම දරුවන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගනු ලැබුවා.

මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත. මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.

පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන් යන අයගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන අනාවරණයවී ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More