විදේශ පුවත්

ඉතා ශීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිර යමින් පවතින  රුසියාවේ සති හයකට පෙර ක්‍රියාත්මක කරනු ලැබූ අගුලු දැමීම  (12දා ) තරමක් ලිහිල් කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(11දා) නිවේදනය කළේය.

රට අගුලු දැමීම නිසා බලපැවැත්වූ “වැඩ නොකිරීමේ කාලසීමාව” නිමා කරමින් ව්‍යාපාර ආයතනවල වැඩකටයුතු පවත්වාගෙන යාම සඳහා මෙසේ අගුලු දැමීම ලිහිල් කෙරෙන බවත්  කොරෝනා වෛරසය තදින් පැතිර යන කලාපවල අවශ්‍ය වුවහොත් දැඩි සීමාවන් තවදුරටත් පවතවාගෙන යාමට කටයුතු  කරන බවද රුසියානු ජනාධිපතිවරයා කියයි.

ලොව තුන්වැනි වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාව ඇති රට වන රුසියාවෙන් ගත වූ පැය 24 ක කාලය තුළදී කොරෝනා ආසාදිතයින් 11,656 ක් වාර්තා වී තිබේ .මේ අනුව එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 221,344 ක් දක්වා වැඩි වී තිබේ .මෙතෙක් එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2009 කි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More