දේශීය පුවත්

ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමඟ වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට  මුහුණ පා සිටින අතර ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට  තම රජයට හැකි වූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කර ඇතැයි පැවසීය.

දේශීය ආර්ථිකය ගොඩනැගීමේදී වැවිලි ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරී ඇති බවත් එය අවබෝධ කර ගෙන පාඩු ලබන වතු ලාභලබන තත්වයට කඩිනමින් දියුණු කළ යුතුයයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් රාජපක්ෂ මහතා අපනයන ප්‍රවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළේය.

අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු බවත් අගය එකතු කිරීම මත කුරුඳු, ගම්මිරිස් ඇතුළු ප්‍රධාන වැවිලිමගින් ඉහළ අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

2018 වසරේදී මෙරට වැවිලි භෝග අපනයන ආදායම රුපියල් බිලියන 538කි. 2022 වන විට එය රුපියල් බිලියන 753 දක්වා නැංවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී පැවසීය.

දේශීය වෙළෙඳපොළ හා අපනයනය ඉලක්ක කරගනිමින් පොල් වගාව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී පතිරණ මහතා පලෙයි, කිලිනොච්චි සහ මුලතිව් යන උතුරේ ප්‍රදේශවල ද පොල් වගාව සාර්ථක වී ඇතැයි සඳහන් කළේය.

යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහාය විය  හැකි බව ජනාධිපතිවරයා එහිදී පහදා දුන්නේය.

සියලු වැවිලි භෝග ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපනයනය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය පාඩුලැබීමට හේතු විමර්ශනය කොට ඉක්මනින් ලාබ ලැබීමට ඉවහල්වන අයුරින් වැවිලි සංස්ථාව සතු දැව අපනයනය විධිමත් කරන ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

ග්‍රාමීය කජු වගාව දියණු කර ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පවතින බවත් වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

වැවිලි ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය සඳහා වන සංරක්ෂණ සහ ඉඩම් අමාත්‍යාංශය හවුල් කර ගැනීමට ද එහිදී තීරණය විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරුද්ධ විජේකෝන් යන මහත්වරු සහ අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More