දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනය පහතින් වේ….

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන රටවල, සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරක නියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය.

වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහ නිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසර දී ඇත. ඒ අනුව මැයි 13 වනදා සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු (කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ. ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා) , මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන් එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතුය.

මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා කරුණාකර ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය 0197331979 හෝ ඕනෑම සංචාරක නියෝජිතයෙකු අමතන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More