දේශීය පුවත්

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

2017 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කිරීමත් සමග 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරන ලදී. මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව ‘අළු ලේඛන’ ගත කිරීම සමග හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මගහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත්වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් අනෙකුත් පාර්ශවකරුවන් සමග ඉහත ක්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝම්බර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී ‘අළු ලේඛනයෙන්’ ශ්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ප්‍රකාශයට පත් කරන ලද යුරෝපා සංගමයේ ඉහළ අවදානම සහිත තුන්වන පාර්ශවයේ රටවල සංශෝධිත ලැයිස්තුව සහ යුරෝපා කලාපය තුළ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව වූ ප්‍රතිපත්තිමය විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියේ දී සම්මත කිරීම සඳහා යුරෝපා කවුන්සිලයට සහ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මූල්‍ය කාර්ය සාධක බලකාය සහ යුරෝපා සංගමය විසින් ඉහත කී ලේඛනයන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමත් සමග පසුගිය දෙවසර තුළ දී එකී ලේඛනගත කිරීම තුළින් ඇති වූ අහිතකර බලපෑම් පහව යන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය සාධනීයත්වය තවදුරටත් ධනාත්මක ලෙස ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

යුරෝපා කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය :

https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_20_800

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More