විදේශ පුවත්

චීන සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක් සමග ඇතිකර ගත් උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අතරමග නතර කිරිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

Jiang නම් මෙම මාධ්‍යවේදිනිය චීනයේ ඉපදී ඇත. ඇය කුඩා කාලයේදීම අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ.

“අමෙරිකාවේ පමණක් පුද්ගලයින් 80,000ක් ජිවිතක්ෂයට පත්ව තිබියදී කොරෝනා වෛරසය ගැන සිදුකරන පරීක්ෂණයන් ගෝලීය තරගයක් ලෙස ජනාධිපති ට්‍රම්ප් දකින්නේ ඇයි” යනුවෙන් CBS ප්‍රවෘත්ති නාලිකාවේ මාධ්‍යවේදිනිය වන Weijia Jiang විමසා සිටියාය.

අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ” ඒ සම්බන්ධයෙන් ඔබ මගෙන් නොවේ ඇසිය යුත්තේ  චීනයෙන්” බවයි.

මෙහිදී මාධ්‍යවේදිනීය යලිත් ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියේ “ඇයි ඔබ ඒ ගැන මට විශේෂයෙන්ම කියන්නේ”.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “ කිසිවෙකු විශේෂ කලේ නැහැ. මෙවැනි ප්‍රශ්න අසන ඕනෑම අයෙකුට තමන් එලෙස පිළිතුරු ලබා දෙන බව” ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්නයක් ඇසීමට CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදිනියක් උත්සහ දැරුවත් ඔහු මාධ්‍ය සාකච්ජාව අවසන් කරනු ලැබුවේය.

කෙසේ වුවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

එම සිදුවීම රැගත් වීඩියෝව පහතින් :

ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග ගැටෙයි

ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග ගැටෙයි

Gepostet von Neth FM am Montag, 11. Mai 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More