පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්ව කිහිපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනුකර තිබෙන අතර එම පෙත්සම් සැප්තැම්බර් මස 2, 3 හා 4 යන දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිවයි මෙම පෙත්සම් ගොනුකර ඇත. වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද (12) දින පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ ඇතැම් පෙත්සම්වලට අදාළව තම සේවා දායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවය. ඒ අනුව එම පෙත්සම්වලට අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට ලබන 22 වනදාට පෙර යැවීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පෙත්සම්වලට එරෙහි විරෝධතා ජුනි මස 16 වනදා වනවිට ගොනුකරන ලෙසත් ප්‍රතිවිරෝධතා ජුලි 16 වනදා ගොනුකරනු ලෙසත් අදාළ පාර්ශ්ව වෙත නියෝග කෙරුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණි. මෙම පෙත්සම් අද (12) දින කැදවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, එස් තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...