පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව වෙත යොමුකළ ටොප් ටෙන් පැමිණිලි සම්බන්ධයෙන් ගනුලැබී පියවරයන් සම්බන්ධයෙන් සොය බැලීම සදහා ඊයේ (11) පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් එම කොමිසම වෙත පැමිණියේය.
කොමිසමෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘‘ පසුගිය රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැතිවරු 19 දෙනෙකුට විරුද්ධව අල්ලස් කොමිසමට 2016 පැමිණිලි කළා. නමුත් සිදු වුණු දෙයක් නැහැ. එම පැමිණිලි ගැන නැවත අපි කරුණු ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ වතාවේත් මේ දූෂණ ක්‍රියා කරපු මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපි යළිත් ඉල්ලා සිටිනවා.‘‘ යැයි හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...