දේශීය පුවත්

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු ඇඳිරි නීතිය කළුතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23කට ඊයේ ලිහිල් කෙරුණි.

ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනජිවිත යථා තත්ත්වයට පත්කිරිම ද ඊයේ සිට ආරම්භ වුණි.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින්ට මෙලෙස ඇඳිරි නිතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණිමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වු අතර ඇතැම් සේවකයින් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණියේය.

මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින් කලින් වෙන්කර ගත් පරිදි මහනුවර, අවිස්සාවේල්ල, මහව, හලාවත සහ බෙලිඅත්තේ සිට කාර්යාලයීය දුම්රිය 10ක් අදත් උදෑසන කොළඹට පැමිණිමට නියමිතයි.

ප්‍රවාහන සේවා සැපයීම සඳහා පෞද්ගලික බස්රථ යොදා ගැනීම සම්බන්ධයෙන් අදාල වෘත්තිය සමිති සමඟ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More