දේශීය පුවත්

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් මෙම සන්ධානයේ පිරිසක් කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කරන අතර එහි තවත් පිරිසක් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව සඳහන් කරයි.

ඒ අනුව වර්තමානයේ ජනධිපතිවරයා විසින් සිය තනි මතයට ගන්නා තීන්දු පාලනය කළ හැකි බවත් එසේ නොවුවහොත් තත්වය තවත් බරපතල විය හැකි බවද එම පිරිස පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ජාවක් ඉකුත් 10 වනදා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට යුධ හමුදා මේජර් ජෙනරල් වරයෙකු පත් කිරීමට සුදානම් වන බව සැලවී ඇති අතර එයම උදාහරණයකට ගන්නා ලෙස මැතිවරණයට විරුද්ධ පිරිස වෙත මැතිවරණයට පක්ෂපාතී පිරිස විසින් පෙන්වා දී තිබේ.

මේ වන විට සමගි ජන බලවේගයේ චම්පික රණවක හා කුමාර වෙල්ගම යන මහත්වරුන් කඩිනම් මැතිවරණයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More