කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා තිබුණු අවස්ථාවේ එයින් ප‍්‍රයෝජන ගනිමින් ඖෂධ සමාගම් ඖෂධ රැුසක මිල විශාල ලෙස ඉහල දමා තිබේ.
මේ හේතුවෙන් ජනතාවට දරා ගැනීමට අපහසු තරමට ඇතැම් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ.
මේ අතර මිල පාලනයක් සහිත ඖෂධ වර්ගවල මිල ද ඉහළ දමා ගැනීම සඳහා ද මේ වන විට ඖෂධ සමාගම් රජයෙන් අවසර ඉල්ලා තිබේ.
මිල වැඩි කරන්නට ඉඩ නොදුනහොත් ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි සෞඛ්‍ය අංශවලට අනතුරු හඟවමින් මිල වැඩි කිරීමට ඖෂධ සමාගම් උත්සහ ගනිමින් සිටිති.
දැනට මෙරට ඖෂධ වර්ග 74ක් මිල පාලනයට යටත් වන අතර වෙළෙඳ නාම වශයෙන් ගත කල ඊට ඖෂධ වර්ග විශාල ප‍්‍රමාණයක් යටත්වේ.
දැනටමත් ඖෂධ සමාගම් ඖෂධවලින් සියයට පනහේ සිට සියට දෙසීය දක්වා විවිධ ප‍්‍රතිශත ඔස්සේ ලාභ ලබමින් ඖෂධ ආනයනයේ යෙදෙති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...