විදේශ පුවත්

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදය යුද ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. රොයිටර් පුවත් සේවාව පවසන පරිදි මෙවැනි යුද ගැටුමක් ඇති විය හැකි බවට හැඟවෙන වාර්තාවක් චීනයේ අභ්‍යන්තර අංශ මගින් සකස් කරනු ලැබ චීන රජයට බාරදී තිබේ.

මෙම රහස් වාර්තාව සකස් කොට ඇත්තේ පසුගිය මාසය මුලදීය. චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනාවරණය කර ගන්නා ලද තොරතුරුවලට අනුව මෙම වාර්තාව සකසා තිබේ, එය දැනටමත්, චීන ජනාධිපති ෂී ජින් පින්ට භාර දී තිබේ. 1989 වසරේදී චීනයේ කීනන් මෙන් චතුරශ‍්‍රයේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ට සහ ශිෂ්‍යයන්ට රජය විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ජාත්‍යන්තර මට්ටමෙන් හටගත් චීන විරෝධී ආකල්පයට සහ ද්වේෂයට සමාන තත්ත්වයක්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද ලොව පුරා හටගෙන ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වේ. වාර්තාව සැ¥ චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යනු චීනයේ විශාලම සහ බලගතුම ඔත්තු සේවයයි.

කොරෝනා වෛරසය චීනය විසින් නිෂ්පාදනය කර, සෙසු ලෝකයට බෝකරන ලද බවට සැකයක් පවතින අතර ඇමරිකාව මෙම සැකය ප‍්‍රවර්ධනය කිරීමෙහිලා විශාල සේවයක් සිදු කර ඇත. මේ නිසා චීනය කෙරෙහි නොපැහැදීමක් ජාත්‍යන්තරය පුරා පැතිරී ඇත.

මනෝජ් අබයදීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More