එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සඳහා වූ සංවිධානය විසින් COVID – 19 වෛරසය පිළිබඳ සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සඳහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටල 100ක් පරිත්‍යාග කිරිම අද සිදු විය.
එසේම කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම අද දින (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් (Korea International Cooperation Agency (KOICA) ලබාදුන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතර, ශල්‍යාගාර ඇදන්, රෙදි සොයන යන්ත්‍ර, ශල්‍යාගාර සදහා භාවිතා කරන ඇදුම් කට්ටල ද වේ.
මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යවරියට ලබාදීම සදහා කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා නියෝජිත Ms. Kang Youn Hwa මහත්මිය සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සේනක කුමාරසිංහ මහතා ද එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය (International Organization for Migration) විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර, මෙම ශබ්ද විකාශණ යන්ත්‍ර දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය.
මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත සරත් ධාස් මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මගපෙන්වීම මත නිර්මාණය කරන ලද Covid- 19 ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ පට කිහිපයක් පිළිබදව අමාත්‍යතුමිය දැනුවත් කළ අතර, Covid – 19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා වෙළෙද සැල් වල ප්‍රදර්ශණය සදහා පොස්ටර් 75,000 ක් ද, නිරෝධායනය වූ පිරිස් දැනුවත් කිරීම සදහා ලබාදීමට පොස්ටර් 7500 ක් ද ප්‍රදානය කරන ලදි.
මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...