ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැනිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින්විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡාවට ලක් විය.
පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.
එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව ද සාකච්ඡාවේ දී අවධානයට ලක් කෙරිණ.
පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසා ලාභී 3297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත.
විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක් පැන නැගී ඇති බවත් විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය.
ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.
නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී ඇති බැවින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය.
ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතු බවද මෙහිදී සාකච්ඡා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...