විදේශ පුවත්

කෝවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ලෝකයේ ප්‍රථමයෙන්ම බැට කෑ රට වන චීනය සම්පුර්ණයෙන්ම කෝවිඩ්19 වෛරස ආසාදනය පාලනය කර රට යථා තත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබීය.

නමුත් මේ වන විට චීනයට කොවිඩ්19 වෛරස ආසාදන දෙවන රැල්ලද ආරම්භ වන ලකුනු පහළ වී ඇතැයි විදෙස් මාධ්‍යය පෙන්වා දෙයි.මේ අනුව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ ඊයේ(10 ) වුහාන් ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයාත් සමඟ චීනය සාමාන්‍යය තත්වයට පත්වූවා යැයි පැවසූ පසු හමුවූ ආසාදිතයන් ගන්න 14 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ වාර්තා වලට අනුව චීනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ ජිලින් ප්‍රාන්තයේ ෂුලාන් පළාතෙන් හමුවූ 11 දෙනෙකුගෙන් යුත් වෛරස් ආසාදිත පොකුර සහ ෂැන්ග් හයි ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් දෙදෙනා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකිරීමට චීන සෞඛ්‍ය අංශ කටයුතු කරණ බව  පවසයි.

අප්‍රේල් 28 වනදායින් පසුව චීනය තුළ මෙතරම් කෝවිඩ්19 වෛරසය ආසාදිතයන් පිරිසක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය.මීට දින හතරකට පෙර චීනය කෝවිඩ්19 වෛරසය පැතිරීම අවම අවධානමක් ඇති රටක් ලෙස නම් කළ අතර උද්ගතව ඇති නව තත්වයට අනුව කෝවිඩ්19 වෛරසය ක්ෂණිකව පැතිරිය හැකි තත්වයක් චීනය තුළ නිර්මාණය වන බව විද්වතුන්ගේ මතය බව මාධ්‍යය වාර්තා පවසයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර https://www.rt.com/news


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More