දේශීය පුවත්

ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව දිස්ත්‍රික් එකොළහකට දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ යන දිස්ත්‍රික්කවල මෙලෙස දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන තිබේ.

මැයි මාසයේ ගත වූ දින නවයට ඩෙංගු රෝගීන් සියයක් වාර්තා වී ඇත. අප්‍රේල් මාසයටම වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් හාරසිය දහතුන් දෙනෙක් පමණයි.

ඉදිකිරීම් කලාප සහ ධීවර බෝට්ටු ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බහුලව හමු වූ බව කීට විද්‍යාඥයෙක් පවසයි. කෙසේ වෙතත් ඉදිකිරීම් කලාපවල පරිශ්‍ර පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ජූනි මාසයේදී ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More