දේශීය පුවත්

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිතයන් හමු වූ සහ ඇසුරු කළ, නිරාවරණය වූ පිරිස් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරැදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම කාර්යාලය පෙන්වාදෙයි.

‘කොවිඩ්-19’ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් පරීක්ෂා වැඩි කිරීමෙන් තවදුරටත් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමත් ඒවා නිවැරැදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණු බව ද එම කාර්යාලය සඳහන් කරයි.

කෙසේ නමුත් ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය පෙන්වාදෙයි.

ඔවුන්ට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදිය යුතු බවත් හදිසියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ වෙන් කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් එම කාර්යලය තවදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More