දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ.

1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 1986 දී MBBS උපාධිය සම්පූර්ණ කළේය.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අතර, මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කරන ලදී.

ඔහු යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකල සේවය ඇගයීම වස් රණ වික්‍රම පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රි ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More