දේශීය පුවත්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.

එම රෙජිස්ටරයයෙහි ඇතුළත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ මෙම වසරේ මැයි මස 08 දා ය (පසුගිය සිකුරාදා) යන තර්කය මත අධිකරණය හමුවට ගොස් රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය නැවත වරක් ප්‍රශ්න කිරීමට මෙම සාකච්ඡාවල දී යෝජනා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් රෙජිස්ටරය අලුත් ම කලාපය නිකුත් වූ පසුගිය සිකුරාදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ගැන ඉඟියක් පළ කළේ ය. ඔහු එහි දී පෙන්වා දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී නොතිබුණු බැවින් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම වයවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව ද්විත්ව පුරවැසියකුව සිටිමින් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදී ඇති හෙයින් ඔහුගේ පත්වීම අධිකරණ ක්‍රියාමාර්ග මගින් අහෝසි කර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙසින් පිළිගත යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

Dinamina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More