දේශීය පුවත්

අද (11) දිනයේදී රට විවෘත කිරීමෙන් අනතුරුව පුර්ව කොවිඩ් -19 කාල සීමාවේදී අප කටයුතු කළ ආකාරය සිහියේ තබා ගනිමින් එම පුරුදු පශ්චාත් කොවිඩ් -19 සීමාව තුලද ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පසුගිය කාල සීමාවේදී ගනු ලැබූ තීන්දු සහ නියෝග මතුවටත් බලාත්මකව පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කළේය.

“තවදුරටත් කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරගෙන යාම සිදුවෙනවා. රට විවෘත කළා කියා කොරෝනා අවධානම පහව ගොස් තිබෙනවා කියලා කිසිවෙකුත් සිතීම වැරදියි. ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වේවි. අද සිට යම් සීමාවන්ට යටත්ව රාජ්‍ය සහ පුද්ගලික කාර්යාල, විශාල සහ කුඩා ව්‍යාපාර, ප්‍රවාහන සේවාවන් ඇතුළු සමස්ත සමාජය අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. එම කටයුතු කෙසේ කළ යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව තුලදී උපදෙස් පත්‍රිකා මගින් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබුවා.“ යැයිද හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී කොරෝනා ආසාධනය වූ රෝගීන් වාර්තා වුවහොත් ඊට අදාළ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතයි. යම් හෙයකින් ශ්වසන ආසාධනයන්, හෙම්බ්රිස්සාව, කැස්ස සහ උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට නම් කර ඇති දිවයින පුරා පිහිටි විශේෂ රෝහල් 30 තුල පිහිටි හුදෙකලා වාට්ටු සංකීර්ණ වෙත ඇතුල්වීමට ඉඩ අවකාශ ඇති බවත් එසේත් නැත්නම් 1390 හෝ 1990 යන දුරකථන අංක වෙතින් අවශ්‍ය උපදෙස් පැතීම සිදුකළ හැකි බව” සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More