දේශීය පුවත්

කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යළි ආරම්භ කෙරෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙයි.

සෙසු දිස්ත්‍රික්ක විසි එකේ සාමාන්‍ය පරිදි රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

ඒ අනුව ජනතාවට දින 52ක් නිවෙස්වලටම සිමා වීමට සිදු වුණි.

මේ කාලය තුළ සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරිම, පමණක් නොව රාමසාන් උපවාස පවා වෙනදා ‍මෙන් සිදුකිරිමට ජනතාවට අවස්ථාව හිමි වුයේ නැහැ.

කෙසේ වෙතත් කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් අධි අවදානම් කළාප ලෙස නම් කෙරුණු බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය පැවතියදි ජන ජීවිතය හෙට සිට යථා තත්ත්වයට පත් කිරිමට රජය තිරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල හෙට විවෘත කිරිමට නියමිතයි.

එහිදි සේවකයින් කොපමණ සංඛ්‍යාවක් කැඳවන්නේද හා ඒ කවුරුන්ද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු වෙයි.

හැකිතාක් දුරට අදාළ ආයතන පිහිටි දිස්ත්‍රික්කය තුල පදිංචි සේවකයින් කැඳවිමට ආයතන ප්‍රධානියා වගබලාගත යුතුයි.

එසේ වුවද අවශ්‍යතාවය මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින්ද සේවයට කැඳවිමට හැකියාව පවතියි.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින්ට සිය සේවා ස්ථානවලට පැමිණීම සඳහා හෙට සිට පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව බෙලිඅත්ත, නුවර, අවිස්සාවේල්ල,මහව,සහ හලාවත සිට දුම්රිය 10ක් හෙට සිට කොළඹට පැමිණෙයි.

රජයේ සේවකයින් සිය පෞද්ගලික වාහනවලින් හෝ ආයතන වාහන මගින් කාර්යාලවලට පැමිණෙන්නේ නම් උදෑසන 8.30 ට පෙර සේවා ස්ථානයට පැමිණිය යුතුයි.

පස්වරු 3 ත් 4 ත් අතර කාලය තුළ නැවත එම රථ පිටත්ව යා යුතු වෙයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් පැමිණෙන වාහන ද උදෑසන 8.30 ත් 10 ත් අතර කාලය තුළ ආයතනයට පැමිණිය යුතු අතර සවස 4 ත් 5 අතර කාලය තුළ නැවත පිටත්ව යා යුතුයි.

කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා එම වේලාවන් අදාළ වන්නේ නැහැ.

මේ අතර හෙට සිට ත්‍රිරෝද රථ ධාවනයට ද අවස්ථාව හිමිවන අතර එහි උපරිම ගමන් කළ හැක්කේ රියදුරු හැර වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම කුලී කාර් රථ සඳහා ද අවසර ලබා දෙන අතර රියදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනෙකුට එක් රථයක ගමන් කිරිමට හැකියාව පවතියි.

කෙසේ වෙතත් හසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් දි ඇත්තේ, හෙට සිට සති දෙකක් යන තෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසිමෙන් වලකින ලෙසයි.

හෙට දිනයේ සිට අධිවේගි මාර්ග ද සාමාන්‍ය පරිදි යළි විවෘත වෙයි.

නමුත්, ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රක්කවල අධිවේගී මාර්ගවලට රථවාහන ඇතුල් කිරිම හා පිටකිරිම සිදුකෙරෙන්නේ, පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More