දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු අනාවරණය වී තිබුණි.

2017 දී මාලදිවයින් අන්තවාදීන් හා සහරාන් පිලේ සාමාජිකයන් එකට හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන් මෙරටට පැමිණි බවද හෙළි වී තිබෙනවා. එම තොරතුරු ඔස්සේ ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව සෙසු කණ්ඩායම් අනාවරණය කිරීමේ මෙහෙයුම් ඇරඹී ඇති බව වාර්තාවේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශණවලට අදාළව සැකකරුවෙකු නැගෙනහිර පළාතේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More