දේශීය පුවත්

පාසල් නැවත ආරම්භ කිරීමේ දි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් උපදෙස් මලාවක් ඇතුළත් චක්‍රලේඛයක හෙට(11) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කරන පරිදි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, සියලුම විදුහල්පතිවරුන්ට,පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඒ ඒ පාසල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කර ගන්නා ලෙසට එමගින් දැනුම් දෙනු ඇති.


එය සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ද හෙට නිකුත් කරන චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.

විෂබිජහරණය, සිසුන්ට ජලය ලබා ගැනිමට නළ මාර්ග, පන්ති කාමරයේ සිටිය යුතු සිසුන් සංඛ්‍යාව වැනි කරුණු නිකුත් කරන උපදෙස් මාලාව ඇතුළත් චක්‍ර ලේඛයේ සඳහන් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More