දේශීය පුවත්

රාජ්‍ය සේවකයින්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා  පවසයි.

රටේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සිය මසක වැටුප ලබා දීම ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මැද අසීරු කටයුත්තක් බවද ජයසේකර මහතා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් මිට පෙරද ජාතික ව්‍යවසනයකදී සහ උවදුරකදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල දෛනික වැටුප පරිත්‍යාග කිරීම කාලයක පටන් සිදු වූවකි.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගෙන් කර තිබෙන මෙම ඉල්ලීම සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබේ. යම් ජාතික ව්‍යවසනයකදී රාජ්‍ය සේවකයන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More