දේශීය පුවත්

කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ජාතික සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අදාළ පක්ෂවල සිටින මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස තබා ඇති පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන්ට හා ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් හමුවේ ඒ බව පවසා ඇත.

දෙමළ රාජ්‍ය පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට සිය ධුරය නොමැති නිසා මේ දිනවල සිදුවන කිසිදු කටයුත්තකට ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික්ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ පොලිස් ආරක්ෂක අංශවලින් කැඳවීමක් නොලැබීමත්, මාර්ග බාධකවලදී සිදුවන අපහසුතාවය හේතුවෙන් කඩිනමින් මැතිවරණය පවත්වා අවසන් කිරීම සුදුසු බව පවසා ඇත. පසුගිය සතියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙමළ රාජ්‍ය පක්ෂයේ රැස්වීමේදී මේ සම්බන්ධ‍යන් අවධානය යොමුකර තිබේ.

සමගි ජනබලවේග නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්ද පවසා ඇත්තේ කඩිනමින් මැතිවරණය පැවැත්වී​මෙන් නව පාර්ලිමේන්තු කැඳවීමට හැකි බවයි.

එහෙත් එම පක්ෂවලම කොටසක් මහ මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා සිටින්නේ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නිසා බව ආණ්ඩුවේ ප්‍රබලයකු සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More