දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක දෙකක පොලිස් බල ප්‍රදේශ නවයක ගම්මානවල කුඩා කොටස් එකොළහක් (11) හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ගම්මාන යළි විවෘත කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හයක ගම්මාන හා කුඩා ප්‍රදේශ අටක්ද (8) ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන තුනක කුඩා ප්‍රදේශ තුනක් (3) මෙසේ වසා දමා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ 66 හා 146 යන වතුද, කුරුඳුවත්ත ප්‍රදේශයේ 60 වත්තද, කොටහේන ප්‍රදේශයේ බණ්ඩාරණායක මාවත, නාරාහේන්පිට දාබරේ මාවත හා ජාතික පොළ ප්‍රදේශය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නාගලගම් වීදිය සහ මෝදර ප්‍රදේශයේ මෙත්සඳ සෙවණ නිවාස ප්‍රදේශයට ඇතුළුවීම හා පිට වීම තහනම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ සුදුවැල්ල, මිීගහවත්ත ප්‍රදේශයේ උඩුපිල උතුර, සමන්පායවත්ත සහ මහබාගේ ප්‍රදේශයේ වැලිසර නාවික හමුදා කඳවුර ප්‍රදේශයට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.
මිට පෙර තාවකාලිකව වසා දැමුණු කළුතර, පොළොන්නරුව, මහනුවර, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, වව්නියාව, යාපනය, කෑගල්ල ආදි දිස්ත්‍රික්කවල ගම්මාන යළි විවෘත කර ඇතත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන දින 14ක් ස්වයං නිරෝධායන කටයුතු සිදු කරයි.
එහෙත් කිළිනොචිචි, මුලතිව්, මන්නාරම් යන දිස්ත්‍රික්කවලින් කිසිදු කොරෝනා රෝගියෙකු හමු නොවූ නිසා එම ප්‍රදේශවල ගම්මාන වසා දැමීමක් සිදු නොවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...