තෝමස් ඒබ්‍රහීම් යනු දැනට ඉන්දියාවේ පැතිරුණු නව කොරෝනා ආසාදිතයින් අතරින් සුව වූ වයස්ගතම පුද්ගලයා යා.
නව කොරෝනා වෛරසය ආසාදනය ව‍්මත් සමග ඔහු ප්‍රතිකාර සදහා දකුණු ඉන්දියාවේ කොට්ටඑයාම්හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. තෝමස්ට දැඩිව දැනුනේ ඔහුගේ අතින්ම හැමදාම බිරිදට සාදා දෙන කළු කෝපි කෝප්පය දීමටත් දෙදෙනා එක්ව එය රසවිදීමටත් නොහැකි වීමය.
පසුව දැනගන්නට ලැබුණේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඇයද එම රෝහලටම ඇතුළත් කෙරිණි.
නමුත් අවුරුදු 93ක් වයැසති ඔහු සහ බිරිද මරියම්මා (88) 1947 දී විවාහ වූ දා සිට කිසි දිනෙක වෙන් වී නොමැත.
එකම රෝහලේ වුවද ඒකක දෙකක විසීම ඔවුන්ට දරාගත නොහැකි බව දැනගත් වෛද්‍යවරුව් ඔවුන් ඇදන් දෙකක් සහිත වාට්ටුවකට යොමුකරන ලදී.
ඔවුන් දෙදෙනාම සුවය ලබා පිටව ගිය අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ වයස හා ඔවුන් සිටි තත්වය මත මෙම සුවවීම ‘හාස්කමක්‘ බවයි.
‘මේ වයසේදී අපට සුවය ලැබිය හැකි නම්, අපට තවත් ඉනිම කිහිපයක් එකට ගත කළ හැකියි. තෝමස් ඒබ්‍රහීම් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...