මුහුණු පොතෙන්

බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී 08 දා සිදුවිය.මෙම ආදාහනය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව පසුගිය කාලයේ විවිධ ක්‍රමවේද වලට විනාශ වු නිවෙස්තුල තබාගන්නට බැරි හා විහාරස්ථානවල දමා ගොස්තිබු බුදු පිළිම ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයට එකතු කරන්නට විය. මෙම පිළිම බුදු රදුන්ට නිගා වන ආකාරයෙන් තැන් තැන් වල දමා ගොස් තිබූ අතර ඒවා බොහෝ ප්‍රමාණයක් සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක් රැස් කරන්නට විය.

එසේ එකතු කතරන ලද විවිධ ක්‍රමවේද වලට විනාශයට යමින් තිබු බුදු පිළිම නිසි සම්පූර්ණ ගෞරවය ලබාදී ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන භූමියේදී  ආදාහණය කරන ලදී‍. මේ සදහා චිතකයක් නිර්මාණය කර තිබිණි.එම චිතකයේ තැන්පත් කරන ලද වර්නයෙන් විනාශවු. පිළිම වල ඇතැම් කොටස් විනාශවු සහ අතැහැර දැමු බුදු පිළිම රැසක් සියලු ආගමික වතාවන්ගෙන් අනතුරුව ආදාහනය කරන ලදී.

මෙම අවස්ථාවේදී එම පිළිම සියල්ල ප්‍රථමයෙන් මල් වලින් පුද බුහුමන් කිරිම සිදුවිය‍. මෙම අවස්තාවට බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා තිස්නමක් පමන  සහබාගී විය. මේ අතර බෝධිරාජ ළමා නිවාසයේ දරු දැරියන්ද සහභාගී  වී සිටින ලදි.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ශ්‍රක්‍ර ‍දෙවියන් ඇතුලු සැම දෙනාගේම ශෝකය ප්‍රකාශ කල ආකාරයට ආදාහන අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කිරීම්  සිදුවිය.

මෙම අවස්තාවට විදේශිකයන්ද සහබාගී වී සිටිනු දක්නට  විය. සදුන් දර යොදා ගනිමින් චිතකය දැල්වීම ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදු කරන ලදී.

මෙහිදි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, බුදු පිළිම මහ මග ගස් යට පන්සල් වල නොයෙක් ස්ථාන වල දමා යැම මගින් බෞද්ධයන්ට මහත් හානියක් සිදු වන අතර මෙය දකිනා බෞද්ධයන් හට ඒ පිලිබදව දුකක් ඇතිවන බවයි.එබැවින් මේ ආකාරයට නිසි ගෞරවය ලබාදී ඒවා ආදාහනය කිරීම මගින් ඉතා හොද යහපත් දෙයක් සිදුවන බව කීය.

මෙවැනි දෙයක් අපි කරන්නේ ප්‍රථම වතාවට.මේ ආදාහන වැඩපිළිවෙල අපි නිසි පරිදි  සිදු කරනවා.

ඕනම දේකට ගෞරවණීය අවසානයක් තිබිය යුතුයි. නමුත් ලංකාවේ තමයි කිසිදු ප්‍රමිතියක් නැතිව ඉතාමත් බාල විදියට බුදු පිළිම නිර්මානය කරන්නේ.ඒක නිසා ඉක්මනින් බුදු පිළිම විනාශයට පත්වෙනවා යයි උන් වහන්සේ කිය.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More